Get Mystery Box with random crypto!

ළමයි හැමෝටම සහ ඕගොල්ලන්ගේ පවුල් වල හැමෝටම සුබ අලුත් අවුරුද්දක් | 2023 Revision | echem

ළමයි හැමෝටම සහ ඕගොල්ලන්ගේ පවුල් වල හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

අලුත් අවුරුද්දට පොඩි පණිවිඩයක් එකතු කරනවා නම්,
මගේ ජීවිතේ අවුරුදු 25ට මම achieve කරගෙන තියෙන දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් කරන්න කලින් ඒ හැම එකක් ගැනම මට කරන්න බැරිවෙයි කියලා හිතුණ වාර ගණන, පුළුවන් වෙයි කියලා හිතුන වාර ගණනට වඩා වැඩියි.

කාටවත් දේවල් කරන්න කලින් ඇත්තටම තමන්ට පුළුවන් limit එකක් ගැන අදහසක් නෑ. ගොඩක් මිනිස්සු මැරෙනකන් තමන්ගේ උපරිමේ මොකක්ද කියලාවත් දන්නේ නෑ.

හම්බුණ පොඩි විවේකයේ ටිකක් හිතන්න, ඔයා මේ කරමින් ඉන්නේ ඔයාගේ උපරිමය ද? එහෙම නෙවෙයි නම්, හිතන එක නතර කරලා පටන්ගන්න. තමන්ගේ උපරිම limit එක හොයාගන්න. ඒක තියෙන්නේ ගොඩක් අය හිතාගෙන ඉන්නවට වඩා ගොඩක් එහා. බහුතරයා දකින සිල්ලර වර්ථමානයෙන් එහාට ගිහින් අනාගතේ ඔයාට ගැලපෙන තැනක ඔයාව position කරන්න මහන්සි වෙන්න.

හැමෝගෙම අනාගතය සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ වුණත් නොවුණත් සුබ කරගන්න මහන්සි වෙන්න අවශ්‍ය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.


Chemistry | අමිල දසනායක