Get Mystery Box with random crypto!

මේ දවස් වල හැම ATM එකක් ළඟම හිඟන්නෝ... ඊයේ උදේ පාන්දරම සල්ලි ට | 🐾 ලෝක සවාරිය ✈️🌏

මේ දවස් වල හැම ATM එකක් ළඟම හිඟන්නෝ...
ඊයේ උදේ පාන්දරම සල්ලි ටිකක් ගත්තගමන් මෙන්න එකෙක් රිංගුවා ඇතුලට...

හිඟන්නා-මගේ අතේ ඇති සල්ලි දෙස බලමින්...බඩගිනියි මට කෑම එකක් අරන්දෙන්න

මම - ඩිකියේ බෝතල් තියෙනවා...බ්ලැක් ලේබල් විස්කි ෂොට් එකක් දෙන්නද?
හිඟන්නා - මම බොන්නෙ නෑ..

මම - ඩන්හිල් සිගරැට් එකක් දෙන්නද?

හිඟන්නා - මම දුම් බොන්නෙ නෑ..

මම - තමුසෙට සුදු ලස්සන ගෑණියෙක් සෙට් කරල දෙන්නද?

හිඟන්නා - මම මගෙ ගෑණිට විතරයි ආදරේ...
මම හතර පෝයටම සිල් ගන්නවා පන්සිල් රකිනවා...

මම - හරි මං තමුසෙට මට්න් බුරියානි එකක් අරන් දෙන්නම්.
හැබැයි තමුසෙ මගෙ ගෙදර එන්න ඕන
තමුසෙව මගෙ ගෑණිට පෙන්නන්නම ඕනෙ...

හිඟන්නා - ඒ මොකටද?

මම - මං...මගෙ ගෑණිට පෙන්නලා දෙන්න ඕනෙ...
බොන්නෙ නැති,
සිගරැට් බොන්නෙ නැති...
සිල් ගන්න පන්සිල් රකින...
තමන්ගෙ ගෑණිට විතරක් ආදරේ උන්ට වෙලා තියෙන දේ ........

Copied