Get Mystery Box with random crypto!

පහට හතරයි | COVID 19 ළමයි 6කින් පටන්ගත්ත පළවෙනි batch එක ඉවර | 2023 Revision | echem

පහට හතරයි | COVID 19

ළමයි 6කින් පටන්ගත්ත පළවෙනි batch එක ඉවර වෙනකොට ළමයි 95කට වගේ හැදිලා තිබුණා. ඔය 95 ඇතුලේ ගම්පහ දිස්ත්‍රික් 1 (ලංකාවේ 9) වුණ ළමයෙකුත් හිටියා. කොහොමහරි ඊළඟට ආවා 2020 revision batch එක. පටන්ගන්නකොට ළමයි 29යි. මාස කීපයක් යනකොට එනවා COVID. පන්තිය ළමයි 100ට කිට්ටු කරලා තිබුණේ. සේරම නවත්තන්න වුණා.

මාසයක් වගේ බැලුවා. හරියන පාටක් නෑ. ඒ පාර පටන්ගත්තා facebook group එකක් හදාගෙන live ඇවිත් උගන්නන්න. Youtube live කරන්න මොකද්දෝ මන්දා බයක් තිබුණා ඒ කාලේ. අඩුම තරමේ channel එකක්වත් හැදුවේ නෑ covid ඇවිත් අවුරුද්දක්වත් යනකන්.

ගෙදර තිබුණ පරණ board එකක් අටවගෙන ඒ කාලේ phone එක වුණ Huawei GR5 එකෙන් facebook live ඇවිත් ඉගැන්නුවා. ඒ දවස්වල data කියන්නේ ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා පන්ති කරන්නේ night time අහු වෙන විදිහට එක්කෝ මහ රෑට, නැත්තම් පාන්දර. ඔය විදිහට නොමිලේ ඕන ළමයෙකුට බලන්න පුළුවන් විදිහට මාස 3ක් විතරම facebook එකෙන් පන්ති කරගෙන ගියා. ළමයි 200ක් 300ක් වගේ live එකක් බලනවා ඒ දවස් වල. Group එකේ link එක තියෙනවා පහළ.
https://www.facebook.com/groups/1368268083380306/

පස්සේ පුළුවන් අයට fees ගෙවන්න, බැරි අය free බලන්න කියලා zoom වලින් class කරගෙන ගියා. Youtube එකෙන් බලාගෙන website එකකුත් හදනවා ඔය කාලෙම.

මුලින්ම echemistry කියලා තමයි නම දාන්න ඕන වෙන්නේ. හැබැයි ඒ වෙනකොට ඒ නම ගන්න තිබුනේ නෑ. ඒ නිසා echem කියන නම ගත්තා. ඒකත් හොඳට ගියා. එහෙම තමයි ගොඩක් දේවල්. හිතන විදිහට වෙන්නේ නැති එකමයි හොඳ.

කොහොමහරි 2020ත් ඉවර වුණා. ලංකාවේ 2, 4 එක්ක දිස්ත්‍රික් පළවෙනියෝ 2ක්, දෙවනියෝ 3ක් සහ තුන් වෙනියෙක් එක්කම.

2020 විභාගෙට කලින් මාසයක් වගේ physical පන්ති කරන්න හම්බුණා. ඒ batch එක අවසානෙට කරපු පොඩි video එකකුත් තියෙනවා පහළින්.

https://fb.watch/mN0OY-dGSS/?mibextid=K1DZlZ

පහට තුනෙන් ආයේ හම්බෙමු...

අමිල දසනායක