Get Mystery Box with random crypto!

♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏

Logo saluran telegram sindupotha — ♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
Logo saluran telegram sindupotha — ♥️:| සින්දු පොත •─ 🎶 Sindu Potha | New Sinhala Songs Lyrics Sinhala Music | 🥏
Alamat saluran: @sindupotha
Kategori: Tidak terkategori
Bahasa: Bahasa Indonesia
Pelanggan: 17.35K
Deskripsi dari saluran

අලුත් පරන හැම සින්දුවක්ම Lyrics සමග ලබාගන්න එකතු වෙන්න අපිත් සමග මේ ටෙලිග්‍රෑම් ජාලයේ නව්‍යකරණයේ සින්දුපොත 🥀♥️
Buy ads : telega.io/channels/Sindupotha/card?r=maGjLQZn
Join ♥️☘️

Ratings & Reviews

1.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

2


Pesan-pesan terbaru

2024-05-14 16:33:15  | Mage Hinaye | මගෙ හීනයෙ


◇───────────────◇


මගෙ හීනයෙ ළඟ ඉන්නට
ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට
මගෙ උණුහුම මදිවීදෝ...

ආදරේ මට නම්... ඇයි විරහ සරදම්...
ජීවිතේ මම නම්... ඇයි කඳුලු මෙතරම්...

නෙතු මුතු කැට වැටෙන තරම්
හිත මත දඟකෙරුව තරම්
උණුහුම හිත හැදුව තරම්
රැවටුණු හැටි මා මෙතරම්

හිත හඬන තරම්...  ඔබ දන්නවනම්...
තව කඳුලු දිදී... රිදවන්නෑ...
මා දැවෙන තරම්... ඔබ දන්නෑ...

මගෙ හීනයෙ ළඟ ඉන්නට
ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට
මගෙ උණුහුම මදිවීදෝ...

ආදරේ මට නම්... ඇයි විරහ සරදම්...
ජීවිතේ මම නම්... ඇයි කඳුලු මෙතරම්...

නොමියෙන මල් මතක පෙති...
එක එක බිඳ දැමුව හැටි...
නෙතු අග තෙත රැඳුනෙ නිති...
මගෙ වරදම වෙන්න ඇති...

හුරු සිනහ සිතින්... ඔබ ඉන්නවනම්...
තව කඳුලු කතා... පවසන්නෑ...
මේ කඳුලු මගෙ දැන්... දුක නෑ...

මගෙ හීනයෙ ළඟ ඉන්නට
ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට
මගෙ උණුහුම මදිවීදෝ...

ආදරේ මට නම්... ඇයි විරහ සරදම්...
ජීවිතේ මම නම්... ඇයි කඳුලු මෙතරම්...



◇───────────────◇


#JayaSri


@SinduPotha

◇───────────────◇
5.3K views13:33
Buka / Bagaimana
2024-05-09 00:46:49   Suragana Kirilliye  | සුරඟන කිරිල්ලියේ


◇───────────────◇

රෑ සිහිනෙන් මා නුඹ දකිනා සඳ
නිදි දෙව්දුව ඊර්ශ්යා හිතෙනා බව
දන්නවාද නුඹ මගේම ආලය
නිදි දෙව්දුව මට අහිමි කරන බව

හැබැවින් නුඹෙ රුව අහිමි විනා සඳ
තරුකැට පරදන නුඹේ නුවන් යුග
ප්රථම ප්රේමයේ පිවිතුරු මුවාව
සනසවන්න මට ඉඟි කරනා හැටි

සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ

සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ

නුඹෙ වරලස සුදු මල් ගවසන්නට
නුඹෙ උවනත සිප සනසාලන්නට
නුඹෙ උණුහුම ලඟ ඉඳ විඳ ගන්නට
ආසයි මට සිතුවමක් අඳින්නට

නුඹ ගැන මා හිත හිතන හිතුම් ගැන
නුඹ ගැන මා හිත පතන පැතුම් ගැන
මා ජීවිතයම නුඹ ලඟ තියාන
හිනා පොදක් වී හිදින්න මා ලඟ

සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ

සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ

සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ

සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ

සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ

සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ



◇───────────────◇


#iraj


@SinduPotha

◇───────────────◇
5.5K views21:46
Buka / Bagaimana
2024-03-29 09:47:55   Hande Hawa | හදේ හාවා (අකා මකා)

◇───────────────◇

අකාමකා වීලා වේදනා මැකී යනවා
සාමයෙන් හදේ හාවා පඩුවේ ඇවිත් යනවා...
හිතේ නැතේ ශෝකා ජීවිතේ ඔහේ ගෙවෙනා...
බෝතලේ වගේ සෝඩහ් ආයේ නෑ හිතේ තරහා...
ඉන්නේ හිනා වෙලා මුලු හදවතින් බදා
එහෙමයි අපේ එකාලා...


අකාමකා වීලා වේදනා මැකී යනවා...
සාමයෙන් හදේ හාවා... පාඩුවේ ඇවිත් යනවා...


ආදරේට හේතුකාර හාර හාර හොයනු එපා...
ආදරේ සැබෑ රසේ මැකේවි ඒ නිසා
ගැලපෙනා කෙනා එනවා යන කෙනා ලොවෙත් යනවා
කල්ගියත් එදේ වෙනවා හොදම දේ තමා වෙනවා...


අකාමකා වීලා වේදනා මැකී යනවා
සාමයෙන් හදේ හාවා පඩුවේ ඇවිත් යනවා...


ජිවිතේට වාසනාව එවි යාවි හිතනු එපා
මේ හැබෑ උනේ තමා කරාපු දේ තමා
වැරදුනොත් කොහේ හරි මා
මුල ඉදන් යලින් යනවා...
ගොඩ ගියොත් එකෙක් හරි මා
මා හදවතින් හිනා වෙනවා...


අකාමකා වීලා.. වේදනා මැකී යනවා
සාමයෙන් හදේ හාවා පඩුවේ ඇවිත් යනවා...
හිතේ නැතේ ශෝකා ජීවිතේ ඔහේ ගෙවෙනා
බෝතලේ වගේ සෝඩා ආයේ නෑ හිතේ තරහා...
ඉන්නේ හිනා වෙලා මුලු හදවතින් බදා
එහෙමයි අපේ එකාලා...


අකාමකා වීලා වේදනා මැකී යනවා...
සාමයෙන් හදේ හාවා පඩුවේ ඇවිත් යනවා...

◇───────────────◇


#Janithiddamalgoda


@SinduPotha

◇───────────────◇
7.3K viewsedited  06:47
Buka / Bagaimana
2024-02-02 12:17:45 | සිතට දැණුනු ඔබේ ආදරේ - Sithata denunu obe adare
◇───────────────◇


සිතට දැණුනු ඔබේ ආදරේ...
කඳුලු පිරුණු මගේ ජීවිතේ...
මං තවම ආදරෙයි
මං තවම ආදරෙයි
වෙනවසක් නොවේ... මගෙ ආදරේ...

සිතට දැණුනු ඔබේ ආදරේ...
කඳුලු පිරුණු මගේ ජීවිතේ...

මහදේ පහන් නිවී... ආලෝකයක් නැති...
අඳුරේ ගෙවෙයි ජිවිතේ...
ඔබ නම් සඳක් වැනි... ආලෝකයක් ඇතී...
ඔය රුව ඇඳෙයි මා සිතේ

දිගු කාලයක් පුරා ඔබේ ආදරේ පතා
එන්නේ ඔයා හිමිවෙන තුරා...

සිතට දැණුනු ඔබේ ආදරේ...
කඳුලු පිරුණු මගේ ජීවිතේ...

පෝසත්කමක් නැති... අසරණකමක් ඇති...
මා පෙම්වතෙක් මේ ලොවේ...
මුවගේ සිනා පිරි... ඔබ දෙව්දුවක් වැනි...
පින්වන්තියක්දෝ ලඳේ...

ඔබව මට නම් හිමී.. පණ මෙන් ළඟින් රැදී..
රැකගන්නෙමී සදා... මියෙනා තුරා...

සිතට දැණුනු ඔබේ ආදරේ...
කඳුලු පිරුණු මගේ ජීවිතේ...

◇───────────────◇


#DamithAsanka


@SinduPotha

◇───────────────◇
13.8K views09:17
Buka / Bagaimana
2024-02-01 10:52:41 | මල් යාය පාළුයි මල් දෙවැටේ - Mal Yaya Palui Mal Dewate


◇───────────────◇


මල් යාය පාළුයි මල් දෙවැටේ
ඔබේ සුවඳ නැහැනේ මල් වැලපේ
ඔබ මැවු හීන ලොවේ... උනු කඳුළු දැවේ...
කදුලකි ආදරේ දුක නැද්ද ප්‍රියේ... //


රත්තරං හිනාවේ මිහිර සඳ රෑට හීනෙන් පෙනෙන්නේ...
සුන්දරයි කියාලා... පැතුව හැමදේම සුන්වී හිදින්නේ...
රත්තරනේ දුක නැතිසේ කොහොමද හිනා වුනේ
හිත අඬනු ඇසේ
අවිහිංසක සෙනෙහේ මල් හීන දැවේ...

මල් යාය පාළුයි මල් දෙවැටේ
ඔබේ සුවඳ නැහැනේ මල් වැලපේ
ඔබ මැවු හීන ලොවේ... උනු කඳුළු දැවේ...
කදුලකි ආදරේ දුක නැද්ද ප්‍රියේ...

මල් පවා හාඬාවී... කඳුළු හන්ගන්න බෑනේ කුමාරී
ලංවෙලා සිනාසී... කඳුළු පිසලන්න සෙනෙහෙ මවා දී...
සංසාරේ පිං නෑනේ... ඔබ අතගන්න ලඳේ...
රත්තරං ලොවේ...
දැන් සඳපාන වැසේ කළුවරයි හිතේ...

මල් යාය පාළුයි මල් දෙවැටේ
ඔබේ සුවඳ නැහැනේ මල් වැලපේ
ඔබ මැවු හීන ලොවේ... උනු කඳුළු දැවේ...
කදුලකි ආදරේ දුක නැද්ද ප්‍රියේ... //

◇───────────────◇


#AjithMuthukumarana


@SinduPotha

◇───────────────◇
11.3K views07:52
Buka / Bagaimana
2024-01-24 09:28:59 | ප්‍රේමය පුද දී | Premaya Puda Dee Awasanai by Chamara Weerasinghe


◇───────────────◇


ප්‍රේමය පුද දී අවසානයි
ඔහු සතු වී කාලය බොහොමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවනෙන් යන්න

පරාජයේ දුක මට පුරුදුයි
සැනසුම නුඹ වාගේම ඈතයි
තහනම් සෙවනේ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න

එක වදනක් පවසන්නම්
එය හදවත හඩවයි නම්
එක වදනක් පවසන්නම්
එය හදවත හඩවයි නම්
මා වෙනුවෙන් නොහඩන්න
ජීවිතයට ඉඩ දෙන්න
ඔය කී ලෙස මතු ඉන්න
දිවුරුන්නම් බෑ දෙන්න

ප්‍රේමය පුද දී අවසානයි
ඔහු සතු වී කාලය බොහොමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවනෙන් යන්න

ආදරයක් තියෙනවනම්
දෙනෙතින් පිළිතුරු දෙන්නම්
ආදරයක් තියෙනවනම්
දෙනෙතින් පිළිතුරු දෙන්නම්
මට නොපෙනී පිටවෙන්න
නොහදුන කෙනෙකුන් වෙන්න
ගත ගෙනයන්නම් දුරක
හිත නම් බෑ ගෙනියන්න

ප්‍රේමය පුද දී අවසානයි
ඔහු සතු වී කාලය බොහොමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවනෙන් යන්න...

◇───────────────◇


#chamaraweerasinghe
#RajikaPrasadini


@SinduPotha

◇───────────────◇
11.2K views06:28
Buka / Bagaimana
2023-12-19 21:55:32 Sudu Rala Gal Kula Matha | සුදු රල ගල් කුල මත | Chamara Weerasinghe


◇───────────────◇

සුදු රළ ගල් කුල මත හැපි හැපි පෙම් බැන්ද...
සවසක අප සයුරු තෙරක සිසිලස වින්ද...
මතකය සිහිනෙක යළි කිසි දිනෙක නොවින්ද...
ජිවිතයට මට අමතක නොවෙයි කිරින්ද...

නොවෙයි කිරින්ද...


මාගම්පුර වන්දනාවෙ කොළොම්පුරේ සිට...
නෑ පිරිවර සමගින් ඔබ පැමිණිය දවසක...
මාගම්පුර වන්දනාවෙ කොළොම්පුරේ සිට...
නෑ පිරිවර සමගින් ඔබ පැමිණිය දවසක...
අහම්බෙන්ම මම දුටුවා ලස්සන ඇස් දෙක...
වාඩි වෙලා ඔබ සිටිද්දි ගල් තලාව උඩ...

කිරින්දෙ සවසක...

සුදු රළ ගල් කුල මත හැපි හැපි පෙම් බැන්ද...
සවසක අප සයුරු තෙරක සිසිලස වින්ද...
මතකය සිහිනෙක යළි කිසි දිනෙක නොවින්ද...
ජිවිතයට මට අමතක නොවෙයි කිරින්ද...

නොවෙයි කිරින්ද...


එක දවසක එක සවසක සැඟවී ගිය ඔබ...
ඊට පසුව හමුවුණෙ නෑ කවදාවත් මට...
එක දවසක එක සවසක සැඟවී ගිය ඔබ...
ඊට පසුව හමුවුණෙ නෑ කවදාවත් මට...

මම නොදනිමි ඔබ කොහේද කාගේ කවුරුද...
යළි නිරතුරු ඔබ දකින්න ඉල්ලයි මගෙ සිත...

කිරින්දෙ එනවද...

සුදු රළ ගල් කුල මත හැපි හැපි පෙම් බැන්ද...
සවසක අප සයුරු තෙරක සිසිලස වින්ද...
මතකය සිහිනෙක යළි කිසි දිනෙක නොවින්ද...
ජිවිතයට මට අමතක නොවෙයි කිරින්ද...

නොවෙයි කිරින්ද...


#ChamaraWeerasinghe



@SinduPotha

◇───────────────◇
14.7K viewsedited  18:55
Buka / Bagaimana
2023-12-18 08:36:25 සමාවෙලා හදාගන්න මට මගේ හිත - Samawela Hadaganna Mata Mage Hitha

◇───────────────◇

සමාවෙලා..... හදාගන්න මට මගේ හිත
එකම වරක් ඔබේ දෙපා.......
වඳින්න දෙන්න... වඳින්න දෙන්න...
කිළුටක් නෑ මගේ හදවත සත්තයි ඔන්න
එපා ඉතින් මගේ දෑස... මඟහැර යන්න...

සමාවෙලා..... හදාගන්න මට මගේ හිත...

ඔබේ සිතට පිටුපාලා... මං ගිය ඈත
කඳුළු වලින් නෙත තෙමුණා... මට නොදැනීම
ආදරයක් නොලැබුණ දා... සොයා ඔබේ සිත
මං ආවත් එරෙහි වුණා... කසාවත මට

සමාවෙලා..... හදාගන්න මට මගේ හිත
එකම වරක් ඔබේ දෙපා.......
වඳින්න දෙන්න... වඳින්න දෙන්න...
කිළුටක් නෑ මගේ හදවත සත්තයි ඔන්න
එපා ඉතින් මගේ දෑස... මඟහැර යන්න...

සමාවෙලා..... හදාගන්න මට මගේ හිත...

කසාවතින් ඔබ යන විට... මඟ සන්සුන්ව
ආදරයක හැඟුමන් නෑ... හදවත කොණක
ගෙවාගන්න මා කළ පව්... සමාවී මට
එකම වරක් ඔබේ දෙපා... වඳින්න දෙන්න

සමාවෙලා..... හදාගන්න මට මගේ හිත
එකම වරක් ඔබේ දෙපා.......
වඳින්න දෙන්න... වඳින්න දෙන්න...
කිළුටක් නෑ මගේ හදවත සත්තයි ඔන්න
එපා ඉතින් මගේ දෑස... මඟහැර යන්න...

සමාවෙලා..... හදාගන්න මට මගේ හිත...


#ChamaraWeerasinghe

@SinduPotha

◇───────────────◇
13.2K viewsedited  05:36
Buka / Bagaimana
2023-10-02 19:30:27 | චූටි කාලෙ අපි | Chuti Kale Api


◇───────────────◇


චූටි කාලෙ අපි වැස්සෙ නානකොට
බුදු අම්බෝ කියපු නැන්ද මාමලට
ආච්චි පුංචිලට මම්ම පප්පලට
ආයුබෝවන් වැන්දා සන්තෝ

අපි වැස්සෙ නෑවා තමයි
ලෙඩ උනා තමයි
මැරෙන්ට හදලයි ආවේ
මොකො එහෙ ඉන්නයි ආස
සීයා ආච්චි ළග
අඩි හයක් යට සැපේ

අයියෝ හිනා යනවනේ
ටයි කෝට් ඇදගෙන ගිනි කාස්ටක අව්වේ
අපෙ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙන
දන්සැල් පෝලිමේ

මල්ලි දන්නැත්තං අහපංකො
විස්තර කියපංකො
හංගන් ඉන්නෙ මොකො අස්සේ
ඔය අංකල්ල ඇන්ටිල සුදු රෙදි හෝදලා
එන්ටකෝ බලන්ට අනේ...


කනත්ත පාර වැලිගම්පිටිය ජා ඇල
ඉපදුනු තැන මගේ
අපි මංගල්ල කාලෙට විස්කි බෝතලේට
කසිප්පු දාලයි ගැහුවෙ

ඔය ජෝසප් මරියල පේදුරු ජුදාස්
අපෙ ළිදෙන් තමයි නාන්නෙ
මෙහෙ ලෝගු ඇදගත්ත රෝමේ උන්දලට
ජේසු අයියා භය නැතේ

අයියෝ හිනා යනවනේ
ටයි කෝට් ඇදගෙන ගිනි කාස්ටක අව්වේ
අපෙ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙන
දන්සැල් පෝලිමේ

මල්ලි දන්නැත්තං අහපංකො
විස්තර කියපංකො
හංගන් ඉන්නෙ මොකො අස්සේ
ඔය අංකල්ල ඇන්ටිල සුදු රෙදි හෝදලා
එන්ටකෝ බලන්ට අනේ...

එක එක කාලෙට දන්නැද්ද විවිධ
පාට මාරු වුනා
එක එක හොටු පෙරන උදවිය
පාලනේට ගියා
අපි දෙයියන්වහන්සෙට තියපු පඩුරු
කෑලි කෑලි කපා
අපෙ සුදු මහත්තයගේ නෝනා හාමු ළග
භාර හාර වුනා.

අයියෝ හිනා යනවනේ
ටයි කෝට් ඇදගෙන ගිනි කාස්ටක අව්වේ
අපෙ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙන
දන්සැල් පෝලිමේ

මල්ලි දන්නැත්තං අහපංකො
විස්තර කියපංකො
හංගන් ඉන්නෙ මොකො අස්සේ
ඔය අංකල්ල ඇන්ටිල සුදු රෙදි හෝදලා
එන්ටකෝ බලන්ට අනේ...

◇───────────────◇


#Sithija
#Arjuman


@SinduPotha

◇───────────────◇
25.5K views16:30
Buka / Bagaimana
2023-04-20 04:25:16 | මටත් කවියක් | Matath Kaviyak by Kasun Kalhara [2023]


◇───────────────◇


යනව නම් නුඹ ඈත දුරකට
මටත් නොකියම නොඑන්න​
දුටුවොතින් සඳවතිය අහසේ
යන තැනක තතු කියන්න​

නුඹේ මග දිග තුරුලතා වල
මල් පිපී දැයි බලන්න​
අපේ ආදර කතාවේ
කෙටි පටුන පෙති මත ලියන්න​

පියුම් දහසක් පිපුනු පොකුනක්
හමූඋනොත් මග රැදෙන්න
බඹර සමනල මී මැසින්හට
සෙනෙහසේ කවි කියන්න​

ඉතින් නුඹ තව දුර ගියෝතින්
මාව අමතක නොවෙන්න​
හිත හැදෙන්නට දුක නිවෙන්නට
මටත් කවියක් ලියන්න


◇───────────────◇


#KasunKalhara



@SinduPotha

◇───────────────◇
55.7K views01:25
Buka / Bagaimana