Get Mystery Box with random crypto!

අර මං මුලින්ම කිව්ව tip 03නේ අවසාන එක ' කන වෙලාවට කන්න..' ඒක | Chocolate box 🍫

අර මං මුලින්ම කිව්ව tip 03නේ අවසාන එක

" කන වෙලාවට කන්න.."

ඒකට තව ටිකක් එකතු කරන්න මේ යන්නේ..

*.) මේ කන වෙලාවට ඒක සිහියෙන් කරන්න..

Phone එකක හරි ටීවි එකක හරි ස්ක්‍රීන් එක දිහා හරි බලන් මේක කරන්න එපා..

විශේෂයෙනම ඒ වෙලාවට ඔයාලට කොච්චර කැවෙනවද කියලා ඔයාලවත් දන්නෙ නෑ..

එනිසා කෑම කන විනාඩි දහය පහලොව ඒ වෙලාවට අවදානේ දෙන්න...

*.) කෑම හොදට හපන්න..

ගිලගෙන යන්නෙ නැතුව කෑම හොදට හපන්න..

ඒවගේම ඔයා පොඩි හැන්දක් පාවිච්චි කරන්න.. නැත්නම් කෑම පොඩි කෑලිවලට කඩලා කන්න..

බඩගිනි වැඩිවුනහමනේ අපි මෙහෙම ඉක්මණට ඉක්මණට කෑම කන්නෙ..

එනිසා කලන්තේ අලලා වැටෙන තරමට සාගතේ ඉන්නෙ නැතූඅ බඩගිනි දැනෙද්දි කෑම හොදට හපලා ගිලින්න..

අනිත් එක මෙහෙම හීමිට කෑම කද්දි ඔයාටම දැනෙනවා දැන් ඔයා ෆුල් කියලා එනිසා overeating ප්‍රශ්නෙත් ඉවරයි...

Bloating තියන අය නම් අනිවාර්යයෙන්ම හොදට කෑම හපන්න ...

*.) ඔයා කන දේවල් ගැන සැලකිලිමත් වෙන්න..

අතට අහුවෙන එක කනවට වඩා ඔයා මොනාද කන්නෙ කියන එක ගැන පරිස්සමට හිතන්න..

Junkfoods , short eats පාවිච්චි කරන්න ප්‍රදානම හේතුව ඕක..

බඩගිනි වුනු ගමන් මොනාම හරි බඩට දාගන්නවා..

එහෙම නෙමේ..

මං උදේට කන්නෙ මොනාද..දවල්ට කන්නෙ මොනාද...ඒ ක ගැන පොඩි අදහසක් තියාගන්න..

පුලුවන් තරම් home made food පාවිච්චි කරන්න.. පිටින් ගන්න ගොඩක් කෑමවල ඇති දෙයක් නෑ ලමයි....