Get Mystery Box with random crypto!

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Logo saluran telegram sl_education_a_l — 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋 𝐒
Logo saluran telegram sl_education_a_l — 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
Alamat saluran: @sl_education_a_l
Kategori: Pendidikan
Bahasa: Bahasa Indonesia
Pelanggan: 55.35K
Deskripsi dari saluran

⁣💢 නොමිලේ 💢
ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Ratings & Reviews

2.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

2

1 stars

0


Pesan-pesan terbaru

2024-04-19 15:34:50 ගෙදර ආවට පස්සෙ පාඩම් වැඩ කරන්න හිතෙන්නෙ නැද්ද?

ස්කෝලෙ ගිහින් එන, class ගිහින් එන, දවසම lectures ඉඳලා එන එහෙමත් නැත්නම් office ගිහින් එන ඔයාලා, අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ.

ගෙදර ආපු ගමන් මහන්සියි, නිදිමතයි. වැඩ කරන්න හිතෙන්නෙ නෑ. ඒත් එහෙම කළොත් ඔයාලා හැමෝටම වෙන්නෙ ඔයාලගෙ හීන අත් ඇරලා දාලා හැමදාම එකම තැන ඉන්න තමයි.

ඉතින් ඒක කරන්නත් බෑනෙ. කොහොමහරි ඔයාලා බලන්න ඕන කට්ටක් කාලා හරි මේ ඉන්න තැනට වඩා හොඳ තැනකට එන්නයි. ඒ නිසා ඔයාලට ඉගෙනගන්න මහන්සි වෙන්න වෙනවා.

අන්න ඒ වෙනුවෙන් ඔයාලට පුළුවන් නම් මේ methos 02 try කරලා බලන්න. ඔයාලට පුළුවන් ඔයාලට ගැළපෙන විදියක් තෝරගන්න.

පළවෙනි ක්‍රමය

• ආපු ගමන් wash එකක් දාලා fresh වෙන්න.

• පැයක් විතර free එකේ ඉන්න. බුදුන් වඳින්න, අම්මලා එක්ක සාලෙට වෙලා පොඩි කයියක් දාන්න, TV එක ටිකක් බලන්න, TV series එකක 01 episode එකක් බලන්න. (ඇඳට නම් එන්න එපා. මොකද මහන්සි වෙලා ඉන්න නිසා නින්ද යන්න පුළුවන්.)

• ඊට පස්සෙ ඔයාලගෙ time table එකේ විදිහට වැඩ පටන් ගන්න.

• මෙහෙම වැඩ කරගෙන යද්දි නිදිමතක් වගේ ආවොත්,
- Stretching ටික්ක කරන්න
- මුණ ටිකක් සෝදගන්න
- උණු වතුර ටිකක් බොන්න
- මොනාහරි පොඩි දෙයක් හපන්න

දෙවෙනි ක්‍රමය

• ආපු ගමන් wash එකක් දාන්න.

• පැයක හෝ පැය එකහමාරක විතර නින්දක් දාන්න.

• ඊට පස්සෙ නැඟිටලා ඔයාලගෙ time table එකේ විදිහට වැඩ පටන් ගන්න.

• හැබැයි ඔයාලා ඒ වගේ පොඩි නින්දකින් ලේසියෙන් ඇහෙරෙන කෙනෙක් නෙමෙයි නම් මේ ක්‍රමේ ඔයාලට ගැළපෙන්නෙ නෑ.

ඉතින් මේ ක්‍රම දෙකෙන් ඔයාලට ගැළපෙන එක ක්‍රමයක් ඔයාලට try කරලා බලන්න පුළුවන්. ඒක දිගටම ඒ විදිහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්.

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය

#motivation #share
Study with Gimi
T.me/SL_EDUCATION_A_L
13.1K views12:34
Buka / Bagaimana
2024-03-29 16:51:31
ඔයාගෙ ජීවිතේ තීරණ ගන්න ඕන ඔයයී...

පුංචි වෙලාවක් අරගෙන හිතලා බලන්න, ඔයාගෙ ජීවිතේ ගැන තීරණ ඔයා අරගෙන තියෙන්නෙ ඇයි කියලා..

ඇත්තටම ඒ ඔයාට ඕන නිසාද, නැත්නම් වෙන කෙනෙක් ඔයා ගැන හිතන විදිහ ගැන වද වෙලා ඒ අය ඉස්සරහ ඔයාගෙ හොඳ ප්‍රතිරූපයක් නඩත්තු කරන්නද

ඔයාගෙ උත්තරේ 'ඔව්' නම් මං කියනවා ඔයා ජීවිතෙන් fail කියලා. මොකද එහෙම නම් ඔයා මෙච්චර දවසක් ජීවත් වෙලා තියෙන්නෙ තව කෙනෙක්ට ඕන විදිහෙ ප්‍රතිරූපයක් නඩත්තු කරන්න. තව කෙනෙක්ව සතුටු කරන්න. තව කෙනෙක්ගෙ නොහික්මුණු වචන වලට බයෙන්..

හැබැයි මොහොතකටවත් ඔයා හිතුවද ඔයාට මොනාද ඕන කියලා. ඔයා ආස මොනාටද කියලා. තීරණයක් ගන්නකොට ඇයි ඔයා ඒ දේ කරන්න ඕන කියලා. ඒ දේ කළොත් ඔයාට දැනෙන හැඟීම මොන වගේද කියලා..

ඉතින් මේ මොහොතෙ ඉඳන් වෙනස් වෙන්න. ඔයා වෙනුවෙන් ඔයාගෙ ජීවිතේ තීරණ ගන්න. අපි දන්නෙ නෑ, මේ ජීවිත කාලෙන් අපිට කොයිතරම් පැය කීපයක් ඉතිරි වෙලා තියෙනවද කියලා.. මේ මොහොතෙ පටන් අනුන්ගෙ රූකඩ වෙන්න ඔයාගෙ කාලය නාස්ති කරන්න එපා.

ඔයා, ඔයාම වෙන්න. ඔයා ඔයා විදිහට පිළිගන්න මිනිස්සුන්ට විතරක් ඔයාගෙ ජීවිතේ ඉඩක් දෙන්න. අන්න ඒ දවසෙ පටන්,, ඔයාට ආයාසයක් නොදරා ජීවත්වෙන්න පුළුවන් වේවී..

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය .

#motivation
Study with Gimi
https://t.me/SL_EDUCATION_A_L
12.9K views13:51
Buka / Bagaimana
2024-03-23 22:10:52
අනුන්ගෙ චරිත රගපාන්නෙ නැතුව උත්සහ කරන්න තමන්ගේ චරිතය ගොඩ නඟන්න.

මොකද ඔය කවුරු කොහොම මොනවා කිව්වත් දවසක තමන්ට ඉතුරු වෙන්නේ තමන් විතරයි.ඉතින් අපිට අපේම කියලා ජීවිතයක් තියෙන්න ඕනේ.ජීවිතේ හරි විදියට විදින්න ඕන.

තව කෙනෙකුගෙ චරිතයක් ඇතුලේ අපිට අපේම කියලා නිදහසක් නෑ සතුටක් නෑ.ඉතින් යාළුවා තව කෙනෙක් ගෙ අවදානය ගන්න එයාගෙ විදියට එයාලා කැමති විදියට වෙනස් වෙන්න එපා.එහෙම එක එක්කෙනාගෙ විදියට වෙනස් වෙන්න ගියාම වෙන්නෙ දවසක අපිට අපිවම නැති වෙන එක.අන්තිමට අපේම ජීවිතේ අපිටම නීරස වෙනවා.

ඔයා ඔයා වගේ ඉන්න.ඔයාගෙ විදියට ඉන්න.එතකොට ඔයාට රඟපාන්න දෙයක් නෑ.නිදහස්.ජීවත් වෙනවා කියන හැගීම දැනෙනවා.ඔයා ආසා කරන ජීවිතේ ඔයාට තියනවා.ඒ චරිතයට ඇත්තටම කැමති මිනිස්සු ඔයා එක්ක ඉතුරු වෙනවා.

දන්නවද යාළුවා ඔයා ඔයා වගේ වෙන තරමට ඔයාටම ඔයාව අඳුරගන්න ලේසී.ඔයාගෙ හැකියාවන් දක්ෂතාවයන් වැරදි අඩුපාඩු ඔයාටම පේන්න ගන්නවා.එතකොට ඔයාටම පුළුවන් ඔයාගෙ ජීවිතේ හරි විදියට හදාගන්න.

ඉතින් හැම දවසකම උත්සහ කරන්න ඔයාගේ හොඳම Version එක වෙන්න.ඔබ ඔබම වෙන්න.

"උබට ඕවා බෑ."
"අපිත් කරා හරි ගියෙ නෑ."
"ඔය දේවල් කරලා කාටද හරි ගියේ." කියන්න කට්ටිය ගොඩක් ඉදියි.

ඒ ඔවුන්, ඔබ නොවේ.

කරන්න බැරි දේ කරලා පෙන්නන්න.

#motivation
Dark_Choc
https://t.me/SL_EDUCATION_A_L
12.7K views19:10
Buka / Bagaimana
2024-03-18 13:29:06
මාස දෙකෙන් A/L ගොඩ දාගන්නෙ කොහොමද?

අන්තිම මොහොතෙ EXAM එකක් ගොඩ දාගන්නෙ කොහොමද?

විභාගෙට අන්තිම සතියෙ වැඩ කරන්නෙ කොහොමද?

පාඩම් කරන එක කල්දාන අය අනිවාරෙන්ම කියවන්න

හැමදාම පාඩම් කරන එක කල්දාන අය කරන්න ඕන දේවල්

හුග කාලෙකින් පාඩම් ⁣නොකරපු කෙනෙක් ආපහු වැඩ පටන් ගන්නෙ කොහොමද?

පාඩම් කරනකොට ලොකුම ප්‍රශ්න සහ ඒවට විසදුම්

උදේම නැගිටින්න කම්මැලිද?

පාඩම් කරන්න කම්මැලි නම් නිදිමත වෙනස් කරමුද?

පාඩම් කරද්දි එන නිදිමත මග අරින්නෙ කොහොමද?

වැඩ කරන්න හිතෙන්නෙ නෑ වැඩ ගොඩ ගැහිලා

අනං මනං වැඩත් එක්ක පාඩම් කරන්නෙ කොහොමද?

පාඩම් කරන්න ලේසි ක්‍රම 5 ක්

දවස් 06 න් A/L SYLBUS COVER කරගන්න PLAN එකක්

තමන්ටම කියලා TIME TABLE එකක් හදමුද?

දවසට PLAN එකක් හදාගන්නෙ කොහොමද?

ඇයි MIND MAPS මෙච්චර වැදගත්?

පාඩම් කරන්න ලේසිම තරු කැලැන්ඩර් ක්‍රමය

ගොඩක් කට්ටියට වැදගත්වෙයි පුලුවන් තරම් #SHARE කරන්න #FACTS
𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ
12.6K views10:29
Buka / Bagaimana
2024-03-16 05:21:57 Vision board එකක් හදාගන්නෙ කොහොමද ?

හුඟක් නංගිලා, මල්ලිලා අහපු දෙයක් තමයි මේ vision board ගැන.

ඉතින් මොකක්ද මේ vision board එකක් කියන්නෙ?? සරලවම කිව්වොත් ඔයාට ලබාගන්න ඕන හැමදේම පෙන්නන තැනක් තමයි මේ. ඔයාගෙ අරමුණු වල එකතුවක්.. ඔයාගෙ අනාගත වාහනේ, ගෙදර, ඔයාගෙ results, ඔයාගෙ කැම්පස් එක, ඔයාගෙ ආසම වෘත්තීය... ඔය වගේ ඔයා ලබාගන්න කැමති, කරන්න කැමති හැමදේම පෙන්නන තැනක් තමයි මේ.

මේකෙදි වැදගත්ම දේ වෙන්නෙ; මේක දකින දකින වාරයක් ගාණෙ ඔයාට ලොකු මානසික පෙළඹවීමක් එනවා වැඩ කරන්න. ඔයා නොදැනුවත්වම ඔයාගෙ හීනෙට ඔයාව තල්ලු කරන්න මේ vision board එකට පුළුවන්. මොකද දවස ගාණෙ ඔයා, ඔයාට ආස දේවල් දකිනකොට ඔයාට ඒක ලොකු motivation එකක් වෙනවා. ඔයාටම හිතෙන්න ගන්නවා මං කොහොමහරි මේ දේවල් ලබාගන්න ඕන කියලා. එතකොට ඔයා ඔයාගෙ අරමුණු වෙනුවෙන් වැඩ කරන්න ගන්නවා. නිකන්ම නෙමෙයී කැමැත්තෙන්.

දැන් බලමු ඔයා කොහොමද මේ vision board එකක් හදාගන්නෙ කියලා.

හිතන්න.

2023 අවුරුද්ද ගැන පුංචි plan එකක් හදාගන්න. ඔළුවෙන් හිතන්න මේ අවුරුද්දෙ ඔයා මොනාද කරන්න ඉන්නෙ (exams, ඔයාට ලබාගන්න ඕන දේවල්), ඒවා කොහොමද ලබාගන්නෙ. ඊට අමතරව ඔයාගෙ අනාගතේ ඔයා ගන්න කැමති වාහනේ, හදන්න කැමති ගෙදරත් කොයි වගේද කියලා හිතලා බලන්න.

ඔය විදිහට ටික වෙලාවක් හිතලා rough idea එකක් හදාගන්න.

පින්තූර.

මේ vision board එකට ඕන කරනවා ඔයාගෙ ඔයා ආස දේවල් වල පින්තූර. ඉතින් ඊළඟට ඔයා බලන්න ඕන, ඔයා කොහොමද මේ පින්තූර ටික එකතු කරගන්නෙ කියලා.

සමහරවිට වාහන වල පින්තූර නම් දැනටමත් ඔයාගෙ කාමරේ ගහලත් ඇති. එහෙම නැත්නම් ඔයාට පුළුවන් පත්තර වලින් කපලා ගන්න. නැත්නම් pinterest එකෙන් වගේ හොයලා printouts ගන්නත් පුළුවන්.

හදන්නෙ මොකේද?

ඊළඟට කරන්න ඕන මේ පින්තූර ටික එක තැනකට එකතු කරන එකයි. ඒකට ඔයාට පුළුවන් බ්‍රිස්ටල් බෝර්ඩ් එකක්, එහෙම නැත්නම් තුනී ලෑල්ලක්, රිජිෆෝම් කෑල්ලක් වගේ ඔයා කැමති දෙයක් පාවිච්චි කරන්න.

තුනී ලෑලලක් වගේ පාවිච්චි කරනවා නම් ඔයාට ඒක දිගටම ඔයාගෙ vision board එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්.

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය .

#facts #share
Study with Gimi
@SL_EDUCATION_A_L
12.6K views02:21
Buka / Bagaimana
2024-03-08 14:09:57
Phone එක නිසා පාඩම් වැඩ මඟ ඇරෙනවද? (ඔයත් phone එකට ඇබ්බැහි වෙලා නම්,, අනිවාර්යයෙන්ම කියවන්න)

online class අනං මනං එක්ක අපි හැමෝමවම වගේ phone වලට ඇබ්බැහි වෙලා. ඇත්තටම දැන් හැමෝටම වගේ phone කියන්නෙ නැතුවම බැරි දෙයක් වෙලා.

ඒත් පාඩම් කරන ළමයි හැටියට ඔයාලට නම් මේක ඒ තරම් ඇඟට ගුණදායක කාරණයක් නෙමෙයී. ඉතින් ඔයාලටත් පුළුවන් මේ tips ටික try කරලා බලන්න.

Notification Off කරන්න.

මොන app එකෙන් notification එකක් ආවත් ඒක off කරලා තියන්න. අඩුම vibrate වත් දාලා තියන්න එපා.

මේක එළියෙ ඉන්නකොට කරන්න බැරි නම්, අඩුම ගෙදර ගියහම හරි කරන්න.

පේන්නෙ නැති තැනකින් තියන්න.

ඔයාලා පාඩම් කරද්දි මේසෙ එහා පැත්තෙන් phone එක තියාගන්න එපා. මොකද එතකොට ඔයාලට phone එක බලන්න හිතෙනවා.

ඒ නිසා අල්මාරියෙන්, සාලෙන්, ලාච්චුවක වගේ දාලා තියන්න.

Phone එකේ අනවශ්‍ය දේවල් තියාගන්න එපා.

Games වගේ ඔයාලට නිතර පාවිච්චි කරන්න, බලන්න හිතෙන දේවල් phone එකේ තියාගන්න එපා. මේක හැමදාටම කරන්න ඕන නෑ. Exam එක ළං වෙද්දි මෙහෙම කරන්න.

එතකොට ඔයාලා ඒකට යොමුවෙන එක ටිකක් අඩුකරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් ඒ වගේ apps hide කරලා තියාගන්නත්.

දවසට එක පාරක් විතරක් charge කරන්න.

දවසට එකම එක වතාවක් phone එක charge කරන්න. ඒක ඔයාලට වගේම phone එකටත් කරන හොඳ දෙයක් වෙයි අනිවාර්යයෙන්ම.

මේක ඔයාගෙ ජීවිතේ policy එකක් කරගන්න. ඒකෙන් නිකන්ම ඔයා phone එකට addict වුණ ගතිය අඩුවෙන්න ගන්නවා. මොකද battery එක දවසම තියාගන්න නම් ඔයාට අනිවාර්යයෙන්ම usage එක අඩු කරන්නම වෙනවා.

Apps try කරලා බලන්න.

Nights keeper, game mode, do not disturb, zen mode, do not disturb – silent mode, do not disturb sync for wear වගේ apps ඔයාලට try කරලා බලන්න පුළුවන්.

මේ app වලින් කරන්නෙ ඔයාලට phone එක use කරන පැය ගණන පාලනය කරන්න උදව් කරන එකයි.

Relationships අඩු කරගන්න.

ඔයාලට message කරන්න ඕන අයට message කරන්න, කතා කරන්න දවසේ එක වෙලාවක් තියාගන්න. ඒක ඔයාලා හැමෝගෙම ජීවිත වලට ලොකු උදව්වක් වෙයි.

මොකද හැමවෙලේම phone එකේම එල්ලිලා ඉන්නවට වඩා ඔයාගෙ hobby එකකට ඔයා යොමුවෙන්න try කරන්න.

ඔයාගේ phone එක රාජසන්තක කරන්න.

කලින් කිව්ව කිසිම දෙයක් කරලා හරියන්නෙම නැත්නම්, ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ මේක තමයි.

ඔයාලගෙ targets වෙනුවෙන් phone එක කියන දේ පොඩි කාලෙකට කැප කරන්න.

#motivation
@SL_EDUCATION_A_L
12.6K views11:09
Buka / Bagaimana
2024-03-03 00:57:31
සියලුම ගුරුවරුන්ගේ PAPER CLASSES පහලින් අරගන්න
13.1K views21:57
Buka / Bagaimana
2024-02-27 04:30:59 𝗙𝗙𝗥 කියන්නේ PHYSICS MCQ PAPER එක ගොඩ දාගන්න පුලුවන් සුපිරි SYSTEM එකක්

මේ TUTE එක කොටස් දෙකකට බෙදලා තියෙනවා..

පලවෙනි කොටසේ සියලුම MCQ එකටම අදාල THEORY POINTS සහ උදාහරණත් ගැටලු සමග දීලා තියෙනවා. ඒ ටික හොදට බලාගන්න...

දෙවනි කොටසේදි කලින් බලාගත්තු THEORY වලින් දීලා තියෙන MCQ ටික කරන්න

#SHARE



T.me/SL_EDUCATION_A_L
13.2K views01:30
Buka / Bagaimana
2024-02-23 01:50:32
(25/24) A/L කරන ඔයාගේ නංගිට,මල්ලිට & යාලුවන්ට අනිවාරෙන්ම SHARE කරන්න.

PHYSICS සියලුම දේවල්..
https://t.me/SL_EDUCATION_A_L/7676

CHEMISTRY සියලුම දේවල්..
https://t.me/SL_EDUCATION_A_L/7686

BIOLOGY සියලුම දේවල්..
https://t.me/SL_EDUCATION_A_L/7724

C.MATHS සියලුම දේවල්..
https://t.me/SL_EDUCATION_A_L/7717

Etc.. https://t.me/SL_EDU_A_L_BOT

තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න
T.me/addlist/qFY72jXoZ2M2MWFl
12.8K views22:50
Buka / Bagaimana
2024-02-17 12:00:57 BIO,COMBIND,PHYSICS ,CHEMISTRY වල අමාරැ ප්‍රශ්න, හදාගන්න බැරි ප්‍රශ්න තියෙනම් දාන්න
@PRASHNA_KAMMU

(සැ.යු :- වැඩිපුරම ගනන් හදන කෙනාට ADMIN වීමටද හැකියාව ඇත)
13.5K views09:00
Buka / Bagaimana