Get Mystery Box with random crypto!

🐾 ලෝක සවාරිය ✈️🌏

Logo saluran telegram kammalikamata — 🐾 ලෝක සවාරිය ✈️🌏
Logo saluran telegram kammalikamata — 🐾 ලෝක සවාරිය ✈️🌏
Alamat saluran: @kammalikamata
Kategori: Tidak terkategori
Bahasa: Bahasa Indonesia
Pelanggan: 1.32K
Deskripsi dari saluran

අරුම පුදුම විශ්මිත දේ සොයා යන්න
කම්මැලිකම නැති වෙන්න දැනුම බෙදාගන්න
එන්න අපේ ලෝක සවාරියට
🐾🛶🌏

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

0


Pesan-pesan terbaru

2023-06-13 09:55:59
91 viewsHashini Weerasinghe ❍Å𝖑𝖕𝖍𝖆ⱽˢ❍, 06:55
Buka / Bagaimana
2023-06-13 09:55:54 මේ දවස් වල හැම ATM එකක් ළඟම හිඟන්නෝ...
ඊයේ උදේ පාන්දරම සල්ලි ටිකක් ගත්තගමන් මෙන්න එකෙක් රිංගුවා ඇතුලට...

හිඟන්නා-මගේ අතේ ඇති සල්ලි දෙස බලමින්...බඩගිනියි මට කෑම එකක් අරන්දෙන්න

මම - ඩිකියේ බෝතල් තියෙනවා...බ්ලැක් ලේබල් විස්කි ෂොට් එකක් දෙන්නද?
හිඟන්නා - මම බොන්නෙ නෑ..

මම - ඩන්හිල් සිගරැට් එකක් දෙන්නද?

හිඟන්නා - මම දුම් බොන්නෙ නෑ..

මම - තමුසෙට සුදු ලස්සන ගෑණියෙක් සෙට් කරල දෙන්නද?

හිඟන්නා - මම මගෙ ගෑණිට විතරයි ආදරේ...
මම හතර පෝයටම සිල් ගන්නවා පන්සිල් රකිනවා...

මම - හරි මං තමුසෙට මට්න් බුරියානි එකක් අරන් දෙන්නම්.
හැබැයි තමුසෙ මගෙ ගෙදර එන්න ඕන
තමුසෙව මගෙ ගෑණිට පෙන්නන්නම ඕනෙ...

හිඟන්නා - ඒ මොකටද?

මම - මං...මගෙ ගෑණිට පෙන්නලා දෙන්න ඕනෙ...
බොන්නෙ නැති,
සිගරැට් බොන්නෙ නැති...
සිල් ගන්න පන්සිල් රකින...
තමන්ගෙ ගෑණිට විතරක් ආදරේ උන්ට වෙලා තියෙන දේ ........

Copied
94 viewsHashini Weerasinghe ❍Å𝖑𝖕𝖍𝖆ⱽˢ❍, edited  06:55
Buka / Bagaimana
2023-06-12 08:43:51 ළමා මනසේ හැඩය.

(ලෝක ප්‍රකට චායාරූපයක කතාවක්)

ළමා මනස කියන්නේ හරියට සබන් බෝලයක් වගේ දෙයක්.සියුම්,ලස්සන,මෘදු,වර්ණවත් දෙයක්.හුළඟ හමන පැත්තට පාවෙන ඒත් පුංචි ස්පර්ශයකින් වුනත් ආයෙත් ගොඩනැගිය නොහැකි තරමටම බිඳීයනසුළු දෙයක්.

ලෝකෙ පුරා විශාල අවධානයක් දිනාගත්තු,ලෝක පූජිත "Family of Man" නම් චායාරූප ප්‍රදර්ශනයටද තෝරාගත් මේ සුවිශේෂී චායාරූපය ඒකට හොඳ උදාහරණයක්.
චායාරූපශිල්පියා වුනේ "ඩේවිඩ් සීමෝර්". 1948 අවුරුද්දෙදී යුනිසෙෆ්(UNICEF) සංවිධානය ඩේවිඩ්ව යවනවා යුරෝපයට ඒ වෙද්දි අවසන්වෙලා තිබ්බ දෙවන ලෝක සංග්‍රාමයට මැදිවුන දරුවන් ගැන වාර්ථාවක් ඉදිරිපත් කරන්න.ඒ වෙද්දි යුරෝපය පුරා දරුවන් මිලියන 13ක් හිටිය යුද්ධයට මැදිවෙලා ඒත් එයින් ජීවිතය බේරගන්න තරම් වාසනාවන්ත වුන.ජීවිතය බේරුනත් මේ දරුවන් හැමදැනාටම කායික සහ මානසික තුවාල උරුම වෙලා තිබුනා.මේ චායාරූපයේ ඉන්න දැරියත් ඒ දරුවන් අතරෙ හිටිය එක්කෙනෙක්.නමින් ඇය "තෙරෙෂ්කා".වයස අවුරුදු හතක් හෝ අටක්.යුද්ධයේ කම්පනය ඇය තුල ඇතිකරල තිබුනේ සිතාගත නොහැකි තරමේ ව්‍යාකූලතාවක්.ඇයගේ ඇතුලාන්තය බිඳවැටිල තිබුනේ හරියට අර සබන් බෝලයක් පිපිරිලා යනව වගේ.ඒ බලපෑම කොපමණද කියනවා නම් ඇයට තමන් පදිංචිව සිටි නිවස සිතුවම් කරන්න යැයි කී විට ඇය කලේ හුනු කූර කළුලෑල්ල පුරා එහෙ මෙහෙ යවමින් කිසිම හැඩයක් නැති, කිසිම පිළිවෙලක් නැති කුරුටුගෑමක් විතරයි.පහත තියෙන්නේ ඩේවිඩ් වර්සොව් නුවරදී චායාරූපයට නතුකරගත් ඒ අවස්තාව.ඇයගේ දෑස් සිතුවමකට හෝ අකුරුවලට කිව නොහැකි කතාවක් පවසන බව ඒ දෑස් දෙස බැලූ විට පෙනේවි.

"දරුවන්ගේ තුවාල සියල්ල භාහිරට නොපෙනේ.වසර ගණනක් පුරාවට පවතිම ශෝකය විසින් ඔවුන්ගේ මනසේ ඇතිකරන තුවාල සුවවීමට එවැනිම වසර ගණනක් ගතවනු ඇත!" ;ලෝක ප්‍රකට LIFE සඟරාවේ 1948 දෙසැම්බර් කලාපයේ මේ චායාරූපය පලකෙරෙන විට චායාරූපයට යටින් ලියා තිබුනේ ඒ වැකිය.

සාමාන්‍යයෙන් උපතේදී දරුවෙකුගේ මොළයේ ප්‍රමාණය වැඩුනු මිනිසෙකුගේ මොළයේ ප්‍රමාණයෙන් හතරෙන් එකක් පමණයි.ඒත් පළමු වසර තුලදී ඒ ප්‍රමාණය දෙගුණයක් දක්වා වර්ධනය වෙනවා.පළමු වසර තුන තුලදී මොළයේ වර්ධනය 80%ක් පමණ සිදුවෙන අතර වසර පහ අවසන්වන විට මොළයේ වර්ධනය සම්පූර්ණයෙන්ම වාගේ සිදුවී අවසන් වෙනවා.මේ නිසා යමෙකුගේ ජීවිතයේ මුල් වසර පහ අතිශයින්ම තීරණාත්මකයි.
සිතුම්-පැතුම්, ගති-පැවතුම්,චරියා ධර්ම ආදී ජීවිතයේ සියළු ධනාත්මක හා සෘණාත්මක නැඹුරුතාවන් පාලනය වන්නේ මොළයේ ස්නායු සෛල අතර ඇතිවන සම්බන්ධතාජාල හෙවත් උපාගම මගිනුයි.පළමු වසර පහ තුල දරුවෙකුගේ සෑම තත්පරයක් තුලම මෙවැනි නව සම්බන්ධතාජාල මිලියනයක් පමණ ඇතිවෙනවා.ඒ ජීවිතයේ වෙනත් කිසිම අවධියකදී ඇතිනොවන තරමේ සීග්‍රතාවක්.මේ සෑම නව සම්බන්ධතා ජාලකටම බලපාන්නේ දරුවන් එදිනෙදා අත්දකින දේවල්.ඔවුන්ට ඇහෙන දේවල්,ඔවුන් දකින දේවල් සහ ඔවුන් කරන දේවල් ආදී මේ සියල්ලම.පරීක්ෂණ වාර්තාවලට අනුව මේ වර්ධන අවධියේදී වඩාත් ධනාත්මක දෑ අත්දකින දරුවන් වැඩිවියට පැමිණි පසු අනාගතයේදී ඔවුන්ගේ ජීවිතයට මෙන්ම ලෝකයාටද ධනාත්මක දේවල් ලඟාකරදෙන බව පැවසෙනවා.එහි ප්‍රතිවිරුද්ධ කෙලවරද එසේමයි.ලෝකයේ බිහිවූ වඩාත් කෲරයැයි සැලකෙන අපරාධකරුවන්,දාම ඝාතකයන් ආදීන්ගේ ළමාකාලය සැලකීමේදී ඔවුන් බොහෝදෙනා කුඩාකල විවිධ අඩත්තේට්ටම්,අතවර සහ අපයෝජනයන්ට මුහුණ දුන් අයබව දැකගන්නට ලැබෙන්නේ ඒ නිසයි.

සංකල්ප ගුණතිලක|24-10-2021
#history #science
(සංකල්ප ගුණතිලක ෆේස්බුක් පිටුව ඇසුරෙන්)


අන්තර්ජාලය ඇසුරිණි

http://t.me/KammaliKamata
139 viewsHashini Weerasinghe ❍Å𝖑𝖕𝖍𝖆ⱽˢ❍, 05:43
Buka / Bagaimana
2023-06-12 08:43:39
132 viewsHashini Weerasinghe ❍Å𝖑𝖕𝖍𝖆ⱽˢ❍, 05:43
Buka / Bagaimana
2023-06-10 19:28:47 අපගේ චැනලයට නව ඇඩ්මින්වරුන් අවශ්‍ය කර තිබේ.

Contact :- @Hash_26
173 viewsHashini Weerasinghe ❍Å𝖑𝖕𝖍𝖆ⱽˢ❍, 16:28
Buka / Bagaimana
2023-06-10 09:45:34
ඔබ දන්නවාද...?

අපි ජීවිත රක්ෂණ, වාහන/දේපළ රක්ෂණ ගන්නවා වගේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයේදී අපිට පිටසක්වල පැහැරගැනීම් සඳහාද රක්ෂණයක් ලබා ගත හැක. ටිකක් අමුතුයි වගේ පෙනුනට දැනටමත් ෆ්ලෝරීඩා වල පුද්ගලයන් 6000කට වැඩි පිරිසක් මෙම රක්ෂණය ලබාගෙන ඇති අතර, එක් අයෙක් වන්දියක්ද ලබාගෙන ඇත.

වන්දියක් ගත්තේ කොහොමද දන්නෑ...

#mysterious #UFO
𝔸𝕣𝕖𝕒 𝟝𝟙
183 viewsHashini Weerasinghe ❍Å𝖑𝖕𝖍𝖆ⱽˢ❍, 06:45
Buka / Bagaimana
2023-06-09 13:05:00
229 viewsHashini Weerasinghe ❍Å𝖑𝖕𝖍𝖆ⱽˢ❍, 10:05
Buka / Bagaimana
2023-06-03 04:20:54 වසර 63ක් බලාසිටි ප්‍රේමයක්

ටෙක්සාස් සිට ලොස් ඇන්ලිස් දක්වා දිවෙන දුම්රියක් තුල මුණගැසෙන තරුණ යුවලක්.
ඇය ක්ලාරා.ඔහු ජෝසෆ්.
දෙදෙනා පෙම්වතුන් වෙනවා.පෙම්වතුන් වී විවාහ වෙනවා.
ඒත් ඒ ප්‍රේමයට දළුලා වැඩෙන්න තරම් සෞභාග්‍යමත් කාලයක නෙමෙයි.ඒ ප්‍රේමයේ හිරු කිරණ ලෝකෙ අගිස්සෙන් මුහුදෙ ගිලෙමින් තිබුනු,යුද්ධයක ශේෂ වූ දුම්‍ රොටු අඳුරු වළාවන් සේ අහස වසාගෙන සිටි කාලයක්.ඒ දෙවන ලෝක සංග්‍රාමයේ වේදනාත්මක මතකයන්ගෙන් මිදීමේ මගක් සොයමින් සිටි කාලයක්.ඒ 1948 ජූනි මාසයයි. ජෝසෆ් ක්ලාරා යුවල විවාහප්‍රාප්ත වූ මාසයයි.
විවාහයේ උණුසුම හදවතින් බැහැරව යන්නටත් මත්තෙන් හමුදා සෙබලෙක් වූ ජෝසෆ් ගෑන්ට් හට වහාම සේවයට වාර්තා කිරීමේ නියෝගයක් ලැබෙනවා.ඒ කොරියානු යුධ බිමට.

නික්ම යන්නට මත්තෙන් ඔහු සිය බිරිඳගෙන් එක් අවසන් ඉල්ලීමක් සිදුකරනවා;

"මා නැවත නොපැමිණියහොත් ඔබ මා අමතක කර නැවත විවාහ වෙන්න"

"නැහැ! මම ඔබ එනතෙක් බලාසිටිනවා.." ඒ ඇයගේ ප්‍රතිචාරයයි.

කාලය ගෙවී යනවා.ඔහුගෙන් ඇයට අවසන් වරට ලිපියක් ලැබී සෑහෙන කාලයක් ගතවෙලා.ඔහුගේ ඉරණම අඳුරු වීද..ඈ එසේ සිතන්නට ඇති.සිය පෙම්වතාගේ හදිසි නිහඬවීම කුමක්දැයි සොයාබැලූ ඇයට ,1950 නොවැම්බර් 30 වෙනිදා ක්‍රියාන්විත සේවයේදී සාජන්ට් ජෝසෆ් ගෑන්ට් අතුරුදන් වූ බවට ආරංචි ලැබෙනවා.ඇයට කල හැකිව තිබුනේ එකම දෙයක් පමණයි.ඒ දෙවියන් යැදීම පමණයි.
තවත් වසර තුනක් ගෙවුනු තැන,1953දී ඇමරිකානු චීන සිරකරුවන් හුවමාරුවකින් යළි ඇමරිකාවට පැමණි සෙබළුන් කීපදෙනෙක් සාජන්ට් ගෑන්ට් පිළිබඳ මතකයක් අවදිකරනවා.ඔහු තමන් සමග චීන අත්අඩංගුවේ සිටි බවත් 1951 දී සාගතයෙන් මියගිය බව‍ත් ඔවුන් පවසා සිටියා.

නමුත් ක්ලාරා විශ්වාස කලේ කෙදිනක හෝ තම ප්‍රේමවන්තයා තමා සොයා එනු ඇති බවයි.ඒ නිසා ඇය නිකඩවා දෙවියන් යදිමින් සිටියා.ඇය ඔහුගේ නිර්පද්‍රිත පැමිණීම වෙනුවෙන් යාඥා කලා.ඔහු පැමිණි පසු දෙදෙනා එක්ව ගතකරන ආලෙන් පිරුනු සන්ද්‍යාවන් වෙනුවෙන් යාඥාකලා.

අවසානයේ වසර 63කට පසුව දෙවියන් වහන්සේට ඇයගේ යාඥාවන් ඇසෙන්නට ඇති.නමුත් දෙවියන් වහන්සේ ඇය වෙනුවෙන් එවා තිබුනේ ජාතික ධජයෙන් ආවරණය කරන ලද සීල් තැබූ මිනී පෙට්ටියක්.ඒ තුල තැන්පත් කර තිබුනේ වසර 63කට පසුව කොරියාවෙන් සොයාගත් දිරාගිය අස්ථි කැබලි කීපයක්.පරීක්ෂණ අනුව ඒ සාජන්ට් ජෝසෆ් ගෑන්ට්ගේ අස්ථි කොටස්.

වසර 63කට පසුව තමා සොයා ආ නිහඬව නිදන තම පෙම්වතා ඉදිරියේ එතෙක් කල් සඟවාගෙන සිටි කඳුළු කැට වස්සන වයස අවුරුදු 94 වූ ක්ලාරා ගෑන්ට් සිය පෙම්වතා පිළිබඳ මතකයන් සමග තනිවන මේ ආත්මීය මොහොත කැමරා කාචයේ සටහන් වී තීබුනා

අවශේෂ ලැබුනු දිනට පසුදිනම පූර්ව හමුදා ගෞරව සහිතව සාජන්ට් ජෝසෆ් ගෑන්ට්ව සිය මව්‍ රටේ පස තුල සදාකාලික නින්දක සතපවනු ලැබුවා.

ප්‍රේමය සදාකාලික දැයි නොදන්නා මුත් සදාකාලික වූ ප්‍රේමයන් ඇති බව දනිමි.
ප්‍රේමය අමරණීය දැයි නොදන්න මුත් අමරණීය වූ ප්‍රේමයන් ඇති බව දනිමි.
"වසර 63ක් බලාසිටි ප්‍රේමය" ඒ පාඩම කියාදී ඇත.

සංකල්ප ගුණතිලක
414 viewsHashini Weerasinghe ❍Å𝖑𝖕𝖍𝖆ⱽˢ❍, 01:20
Buka / Bagaimana
2023-06-03 04:20:48
306 viewsHashini Weerasinghe ❍Å𝖑𝖕𝖍𝖆ⱽˢ❍, 01:20
Buka / Bagaimana
2023-05-27 21:20:14 හයිපතීයා ශෝකාන්තය...

සාමාන්‍යයෙන් බුද්ධිමත් කාන්තාවන් ගැන ලෝක ඉතිහාසය පුරා වාර්තා දකින්න ලැබෙන්නේ ඉතා අඩුවෙන්. හයිපතියා කියන්නේ වාර්තා වෙල තියෙන එවැනි බුද්ධිමත් කාන්තාවක්.ක්‍රිස්තු වර්ෂ 350-370 ත් අතර කාලයේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ තියෝන් හට දාව හයිපතීයා නමි දැරිවිය උපත ලබනවා. පියාණන් මෙන්ම ගණිතයට,තාරකා විද්‍යාවට හා දර්ශනවාදය මැයත් කුඩාකල සිටම මහත් ඇලුම්කම් දක්වනවා.

ඇලෙක්සැන්ඩ්‍රියාව කියන්නේ ඒකාලේ වෙනකොට පෙර - අපරදෙදිග ලෝකයේ මහා දැනුම් ගබඩාවක්.යුරෝපයේ විශාලතම පුස්තකාලයේ පැවතියෙත් ඇලෙක්සැන්ඩ්‍රියාවේ. පසුකාලයේ මුස්ලිම් ආක්‍රමණ වලින් ක්‍රිස්තු වර්ෂ 642 විතර සම්පූර්ණයෙන් ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය විනාශ කරලා දනාව.මේ නිසාම විද්‍යාඥයන්,උගතුන්,බුද්ධිමතුන් හා චින්තකයින් විශාල ප්‍රමාණයක් ගැවසුන ප්‍රදේශයක් විදියට ඇලෙක්සැන්ද්‍රියව හඳුනාගන්න පුළුවන්.

ප්ලේටෝනිස්ට් පාසලෙන් තවදුරටත් අධ්‍යාපනය ලබා තාරක විද්‍යාව,ගණිතය,දර්ශනවාදය ආදිය ඉගෙන ගන්න කැමති අයට ඉගැන්වීම හයිපතීයාගේ කටයුත්ත වුණා. මැය විසින් ඇල්ජිබ්‍රා,ජියෝමෙට්‍රි ආදී ගණිත කොටස් වෙනුවෙන් දායකත්වය සපයා ඇති බව සඳහන් වුණත් අද වෙනකොට ඒ වාර්තා සොයාගැනීම ඉතාම අපහසුයි. බොහෝ දුරට විනාශ වෙලා.

හයිපතීයා අනුගමනය කළේ නියෝප්ලේටෝනිස්ට් දර්ශනවාදය. එක්තරා විදියකට මේක පේගන් දර්ශනවාදයක්. පෙගන් දර්ශන කියන්නේ ක්රිස්තියානි වගේ ආගමික අදහස් නිර්මාණය වීමට ප්‍රථම පුරාණ ග්‍රීසිය,රෝමය, ඊජිප්තුව ආදී මධ්‍යධරණී කලාපය මුල් කරගෙන පැවති දර්ශනවාදයන්.

(මෙතනදි පේගන් ආගම් හා පෙගන් දර්ශන එකක් කියලා පටලවා ගත යුතු නෑ.ඒ දෙක දෙකක්.)

සොක්‍රටීස් දර්ශනවාදය,ප්ලේටෝ දර්ශනවාදය, ඇරිස්ටෝටලියානු දර්ශනවාදය, හෙලනිස්ටික් දර්ශනවාදය වගේ ප්‍රධාන දර්ශනයන් අයත් වෙනවා. ජීවිතයේ යථාර්ථය, බුද්ධිය,ඥානය, යථාර්ථය යනු කුමක් ද වගේ දර්ශනානික සංකල්ප මෙහිදී සාකච්ජා වෙනවා.

හයිපතීයා අනුගමනය කළ නියෝප්ලෙටනිසිම් දර්ශනවාදය පවා කාලයත් එක්ක විවිධ අදහස් ආදිය එකතු වෙල විවිධ ආකාරයෙන් විග්‍රහ වෙනවා.

කොහොම වුනත් හයිපතීයා ජීවත් වූ කාලයේ ඇල්ක්සැන්ඩ්‍රියවේ ක්‍රිස්තියානු,යුදෙව් හා පේගන් පිරිස් අතර ආගමික හා දේශපාලන ගැටුම්කාරි වාතාවරණයක් තිබිලා තියෙනවා.ගැටුම්කාරි කියන්නේ අදහස්මය වශයෙන් බොහෝ වෙලාවට. මේ නිසාම පේගන් දර්ශන වාදය ඉගැන්වීම කරන හයිපතීය ක්‍රිස්තියානු පූජකයන්ගේ ටාගට් එකක් වෙලා තිබුණා.

ක්‍රිස්තු වර්ෂයෙන් 415 වසරේ දිනක හයිපතීයා තමනගේ කරත්තයට නැඟ නිවස බලා යමින් සිටියා. පීටර් නැමති ක්‍රිස්තියානු පූජකයෙක්ගේ මෙහෙයවීම පරිදි කලහකාරී පිරිස් යොදවා ඇයගේ කරත්තයට පහර දෙනවා.අනතුරුව ඇයව සිසේරියන් නැමති පේගන් ආගමික ස්ථානයට කරත්තයෙන් බිම දිගේ ඇදගෙන ඇවිත් නිර්වස්ත්‍ර කොට පහරි දී ඉතා අමානුෂික ලෙස ඝාතනය කරනවා.සිසේරියන් නැමති පේගන් ආරාමය පසුව ක්‍රිස්තියානු පල්ලියක් බවට හරවනවා. මැයගේ සිරුරේ සම ගැලවූ බවත් ඇතැම් තැන් වල සඳහන්.ඇයගේ මරණය මහත් සතුටින් සමරපු බවත් සඳහන් වෙනවා.එකෙන් අපිට පේන්නේ හයිපතීයගේ දර්ශනය සමාජයට මෙන්ම ක්‍රිස්තියානු ඕර්තඩොක්ස් ආගමික පද්ධතියට කරන ලද දැඩි බලපෑම.

හයිපතීයා ගැන සඳහන් මූලාශ්‍ර ඉතාම අවමයි. ක්‍රිස්තු වර්ෂ 10 වන සියවසේ ලියවුණු "Suda" කියන බයිසැන්ටියන් විශ්වකෝෂයේ හයිපතීය යනු ගණිතය,දර්ශනය සහ තාරකා විද්‍යාව ගැන උගත් කාන්තාවක් බවට බයෝග්‍රැෆි වාර්තාවක් සඳහන්ව තිබෙනවා.

Historia Ecclesiastica හෙවත් church history කියන වාර්තාවේ කොනස්ථන්තින්නොපලයේ සොක්‍රටීස් නැමැත්තෙක් 5 වන සියවසේදී මැයගේ ඝාතනය සහ ක්‍රිස්තියානු පසුබිම ගාන ලියූ බව සඳහන් වෙනවා. ( දාර්ශනික සොක්‍රටීස් නෙමේ)

හයිපතීය ගැන සඳහන් බොහෝ මූලාශ්‍ර ඇයගේ මරණයෙන් සියවස් කීපයකට පසුව ලියන ලද ඒව නිසා සමහර කරුණු කාරණා විවිධ ආය්ගේ දෘෂ්ටිකෝණයෙන් ලියන ලද ඒව. ඒ කොහොම වුණත් ඇල්ක්ෂන්ඩ්‍රියවේ හයිපතීයා කියන්නේ ගණිතය,තාරකා විද්‍යාව, දර්ශණය ගැන හසළ දැනුමක් තිබූ බුද්ධිමත් කාන්තාවක් බවයි පෙනෙන්නේ. ඇයගේ මරණය අපට පෙන්නුම් කරන්නේ තත්කාලීන පේගන් දර්ශනයන් හට ක්‍රිස්තියානු බලපෑම මගින් එල්ල වූ පීඩනය බවයි අප වටහා ගත යුත්තේ.
466 viewsHashini Weerasinghe ❍Å𝖑𝖕𝖍𝖆ⱽˢ❍, 18:20
Buka / Bagaimana